පළමුවන සියවස

විකිපීඩියා වෙතින්
(1 වන සියවස වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
සහශ්‍රය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්:
දශක: 0ගණන් 10ගණන් 20ගණන් 30ගණන් 40ගණන්
50ගණන් 60ගණන් 70ගණන් 80ගණන් 90ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්
රෝමානු අධිරාජ්‍යය (රතු), පාර්තියානු අධිරාජ්‍යය (දුඹුරු), චීන හන් රාජ වංශය (කහ) සහ අනෙකුත් රාජ්‍යයන්/කුඩා රාජ්‍යයන් සහිත පෙදෙස් (සුදු) ලෙසින් දැක්වෙන යුරේෂියාවේ 1 ක්‍රියු සිතියමක්
50 ක්‍රියු හිදී, 1 වන සියවසෙහි මධ්‍යයෙහිදී, නැගෙනහිර අර්ධගෝලය
100 ක්‍රියු හිදී, 1 වන සියවසෙහි අවසනදී, නැගෙනහිර අර්ධගෝලය

1 වන සියවස යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, 1 සිට 100 වසර දක්වා පැවති සියවස විය. සම්භාව්‍ය යුගයෙහි, වකවානුවෙහි, හෝ ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි කොටසක් ලෙසින් එය සැලකෙයි.

මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ රෝමානු අධිරාජ්‍යයේ ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, ක්ලෝඩියස් (43) අධිරාජයා යටතේ , බ්‍රිතාන්‍යය යටත් කරගැනුම සංගණ්‍ය සිද්ධියක් විය. පූර්ව සියවසෙහි සිවිල් යුද්ධ අදාල ආරාවුල් වලින් පසුව පැමිණි, ඔගස්ටස්ගේ දිගු රාජ්‍ය කාලය තුලදී හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ නිසා, අධිරාජ්‍යය ස්ථායිකරණයට ලක් විය. ඔගස්ටස් විසින් ඇරඹුනු, ජූලියෝ-ක්ලෝඩියානු රාජ වංශය, සියවසෙහි පසු කලෙකදී අභාවයට පැමිණියේ, වසර 68දී නීරෝගේ මරණය හා සමගය. මින් පසුව පැමිණි, පසිඳු අධිරාජයන් සතර දෙනාගේ වසර නම්වූ සිවිල් යුද්ධයන් සපිරි සහ අස්ථායිභාවයේ කෙටි කාල පරිච්ඡේදයක්, සම්පූර්ණ වශයෙන් කෙළවර කරන ලද්දේ, ෆ්ලේවියානු රාජ වංශයේ ආදිකර්තෘ සහ, 9වන රෝමානු අධිරාජයාවූ, වෙස්පේසියන් විසිනි. සාමාන්‍ය වශයෙන් ගත් කල, මෙම කාල පරිච්ඡේදය තුලදී, රෝමානු අධිරාජ්‍යය විසින් සෞභාග්‍යය සහ ආධිපත්‍යය හිමි කර ගත් අතර, 1 වන සියවස සැලකෙනුයේ අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_සියවස&oldid=435257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි