වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක් වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:
- දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
- ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
- wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
- එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න. ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
- ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
- ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!
අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම් හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.
ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’, ‘si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.