ක්‍රිකට් ලෝක කුසලාන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ICC ක්‍රිකට් ලෝක කුසලාන
පරිපාලක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතිය එක් දින ජාත්‍යන්තරය
පළමු තරගාවලිය 1975, එංගලන්තය
අවසාන තරගාවලිය 2007, බටහිර ඉන්දීය කොදෙව්
මිලඟ තරගාවලිය 2011, ඉන්දියාව, ශ්‍රී ලංකාව, සහ බංග්ලාදේශය
තරගාවලි ආකෘතිය බහුවිධ (ලිපිය පරිශීලනය කරන්න)
කණ්ඩායම් ගණන 19
වත්මන් ශූරයා  ඕස්ට්‍රේලියාව
වඩාත් ජයග්‍රාහී  ඕස්ට්‍රේලියාව (4 titles)
වඩාත් ලකුණු ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර් (1,796)
වඩාත් කඩුළු ඕස්ට්‍රේලියාව ග්ලෙන් මැක්ග්‍රාත් (71)

ක්‍රිකට් ලෝක කුසලාන යනු පිරිමි එක් දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් ප්‍රමුඛ ජාත්‍යන්තර තරගාවලියයි.වසර සතරකට වරක් පැවැත්වෙන මෙම ක්‍රීඩා ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ ක්‍රීඩාවේ පාලක සභාව වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වන අතර අවසාන තරගාවලියට පෙර ගමන් සපයමින් ප්‍රාරම්භක යෝග්‍යතා වට මුලින් පැවැත්වෙයි. මෙම තරගාවලිය වනාහී ලොව සතරවැන්නට විශාලතම හා බොහෝ ප්‍රේක්ෂකයින් විසින් නරඹන ඉසව්ව වෙයි.[1][2][2] ICC යට අනුව, එය ඉතාමත් වැදගත්ම තරගාවලිය වන අතර ක්‍රීඩාවේ මුදුන් මස්තකප්‍රාප්තිය වෙයි.[3][4] පළමු ක්‍රිකට් ලෝක කුසලාන සංවිධානය කරන ලද්දේ 1975 දී එංගලන්තයේදීය. 1973දී පටන් වෙනමම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සිව්වසරකට වරක් පැවැත්වේ.

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා ටෙස්ට්-තරග ක්‍රීඩාවෙහි යෙදෙන සහ එදිජා-තරගයෙහි යෙදෙන සියලු ජාතීන් දහය හා සමග, ලෝක කුසලාන යෝග්‍යතා තරග අතුරින් තේරීමට පත්වෙන අනෙකුත් ජාතීන් තරග වදිති. තරගාවලිය ජයග්‍රහණයට සමත් වී ඇති කණ්ඩායම් පහ අතුරින් වඩාත් සාර්ථක කණ්ඩායම වන්නේ සිව්වරක් කුසලාන දිනූ ඔස්ට්‍රේලියාවයි. බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවතාවක්ද, ඉන්දියානුවන්, පකිස්තානුවන්, සහ ශ්‍රී ලාංකිකයන් එක් වතාව බැගින්ද කුසලානය දිනීමට වරම් ලැබූහ.

2007 ක්‍රිකට් ලෝක කුසලාන තරග පැවැත්වුනේ 2007 මාර්තු 13 සහ අප්‍රේල් 28 අතරතුරදී, බටහිර ඉන්දීය කොදෙව් හිදීය. 2007 තරගාවලිය සඳහා සංචිත අවස්ථාවෙහිදී ( රවුන්ඩ්-රොබින් ආකෘතිය අනුව ක්‍රීඩා කෙරෙන) කණ්ඩායම් දහසයක් තරග වැදුනු අතර, ඊලඟට "සුපිරි 8" අවස්ථාවක්ද, ඉනික්බිතිව අවසාන-පූර්ව තරග සහ අවසාන තරගයක්ද පැවැත්විණි. අවසන් තරගයෙහිදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව පරදවනු ලදුව ශූරතාවයට යළි හිමිකම් පෑහ.

ඉතිහාසය[සංස්කරණය]

පළමු ක්‍රිකට් ලෝක කුසලානට පෙර[සංස්කරණය]

මෙතෙක් ප්‍රථමයෙන්ම පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කෙරුනේ 1844 සැප්තැම්බර 24 සහ 25 දෙදිනදී කැනඩාව සහ එක්සත් ජනපදය අතරය. කෙසේවෙතත්, පළමුව ක්‍රීඩා කලා යැයි විශ්වාස කෙරෙන ටෙස්ට් තරගය 1877 දී ක්‍රීඩා කෙරුනේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වන අතර, එයින් ඉක්බිති වසර වලදී කණ්ඩායම් දෙක අළු බඳුන උදෙසා නිරන්තරයෙන් තරග වැදුනහ. දකුණු අප්‍රිකාව ටෙස්ට් තත්ත්වයට ඇතුළු කරගනු ලැබුවේ 1889දීය.[5] නි‍යෝජනාත්මක ක්‍රිකට් කණ්ඩායම් එකිනෙකා වෙත සංචාරයෙහි යෙදීම ඇරඹුමත් සමගම, ද්වීපාර්ශවික තරගාවලීන්ට මුල පිරුණි.ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසින් 1900 පැරිස් තරගාවලියට ක්‍රිකට් එක් කරන ලද අතර, එහිදී මහා බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශය පරදවා රන් පදක්කම හිමි කර ගත්හ.[6] ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා තරගයන්හී ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය වූ එකම අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර මට්ටමෙන් බහුපාර්ශවික තරගාවලියක් සංවිධානය කෙරුනේ, එවකට ටෙස්ට්-ක්‍රීඩාවෙහි යෙදුනු ජාතීන් තුන වන එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ලෙසින් පැවැති 1912 තුන්කොන් තරගාවලිය හා සමගිනි. මෙම ඉසව්ව සාර්ථක නොවීය: ගිම්හානය අතිශයින් වැහිබර වීම නිසා, අනාවෘත තෙත් පිටියන්හී ක්‍රීඩාකිරීම දුෂ්කර වූ අතර, නැරඹුමට පැමිණි පිරිස සුළු වීමට හේතු ලෙසින් "ක්‍රිකට් අත්‍යධිකත්වය" දැක්විණි..[7] ඉක්බිති වසර වලදී, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් සංවිධානය කෙරුණේ ද්වීපාර්ශවික තරගමාලාවන් ලෙසිනි: 1999දී පැවැති සිව්කොන් ආසියානු ටෙස්ට් ශූරතාවලිය වන තුරු යළි බහුපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සංවිධානය නොවිණි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වන ජාතීන්ගේ ගණන වසරෙන් වසර ඉහළ ගිය අතර, 1928 දී බටහිර ඉන්දීය කොදෙව්වන් ද, 1930 දී නවසීලන්තය ද, 1932දී ඉන්දියාව ද, සහ 1952දී පකිස්තානය ද ටෙස්ට් වරම් ලැබූ මුත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව දිගටම ක්‍රීඩා කෙරුනේ දින තුනක්, සතරක් හෝ පහක් පුරාවට පැවැති ද්වීපාර්ශවික ටෙස්ට් තරග ‍ආකාරයට පමණි.

1960 මුල් අවදියෙහිදී, එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් විසින්, එක් දිනක් පුරාවට පමණක් පැවැති ක්‍රිකට් ක්‍රීඩාවෙහි කෙටි අනුවාදයක් ක්‍රීඩා කිරීම ඇරඹූහ. 1962 දී මිඩ්ලන්ඩ්ස් පිලිමලුන් පිටුදැකීමේ කුසලාන ලෙස හැඳින්වුනු සිව්-කණ්ඩායම් පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙසින් ඇරඹී,[8] ඉන්පසු 1963දී සමාරම්භක ගිලට් කුසලාන ලෙසින් පැවැතී, එක්-දින ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය තුල මෙලෙසින් ජනප්‍රියතාවෙහි ඉහළට නැගිණි. ජාතික ඉරුදින ලිගයක් 1969දී පිහිටුවනු ලැබිණි., 1971දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හී පැවැති හා, වර්ෂාව-හෙයින්-අතරමග නතර කල, ටෙස්ට් තරගයෙහි පස්වන දිනයෙහිදී ඉතිරිවූ කාලය වැය කෙරුමට හා කලකිරීමට පත් ප්‍රේක්ෂක සමූහය සඳහා අස්වැසිල්ලක් ලබාදීමට, එක්-දින ජාත්‍යන්තර ඉසව්වක් ලෙසින්වූ පළමුවැන්න ක්‍රීඩා කල බවට වාර්තාගතවෙයි. එය ඕවර සතලිසක තරගයක් වූ අතර එක් ඕවරයකට පන්දු අටක් යැවිණි.[9]

එංගලන්තය හා ලොව අනෙකුත් ප්‍රදේශයන්හී දේශීය එක්-දින තරගාවලීන්ගේ හා මුල් එක්-දින ජාත්‍යන්තරයන්හී සාර්ථකත්වය හා ජනප්‍රියතාව සැලකිල්ලට ගත් ICC ය, එයින්ම දිරිමත්වී ක්‍රිකට් ලෝක කුසලාන තරගයක් සංවිධානය කිරීම‍ පිළිබඳ අවධානය යොමු කලහ.[10]

ප්‍රැඩෙන්ෂියල් ලෝක කුසලානයන්[සංස්කරණය]

ප්‍රැඩෙන්ෂියල් කුසලාන ස්මාරකය

එවැනි මහත්වයකින් යුතු ඉසව්වක් සඳහා සම්පත් දායකත්වයක් ලබා දිය හැකිවූ එකම ජාතිය වූ එංගලන්තය විසින්1975දී සමාරම්භක ක්‍රිකට් ලෝක කුසලාන සඳහා සත්කාරත්වය සැපයිණි. 1975 තරගාවලිය ඇරඹුනේ ජූනි 7 වන දිනදීය.[11] පළමු ඉසව් තුන එංගලන්තයෙහිදී පැවැත්වුනු අතර නිල වශයෙන් ප්‍රැඩෙන්ෂියල් කුසලාන ලෙසින් හැඳින්වුනේ එහි අනුග්‍රාහක ප්‍රැඩෙන්ෂියල් පීඑල්සී සමාගම අනුව යමිනි. මෙම තරග පන්දු-හයෙහි ඕවර 60 කින් සමන්විත වූ අතර, දහවල් දිනය තුලදී, ක්‍රීඩකයින් සුදු ක්‍රිකට් ඇඳුම් අඳිමින් හා රතු ක්‍රිකට් පන්දු භාවිතා කරමින් සාම්ප්‍රදායික ආකාරයට පවත්වන ලදි.[12]

පළමු තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වූහ: ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව, සහ පකිස්තානය (එවකට ටෙස්ට් ක්‍රීඩා කල ජාතීන් සය), හා සමගින් ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකානු ජාතීන්ගෙන් සමන්විතවූ සංයුක්ත කණ්ඩායමක් යන කණ්ඩායම් දෙක යන ලෙසින් වූහ.[13] එක් සංගණ්‍ය අතෑරුමක් වූයේ, වර්ණ භේදය නිසාවෙන් තහනමකට ලක්ව සිටි, දකුණු අප්‍රිකාව විය. ලෝඩ්ස් හිදී පැවැති අවසන් තරගයේදී ලකුණු 17 කින් ඕස්ට්‍රේලියාව පැරදූ බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් තරගාවලිය ජය ගන්නා ලදි.[13]

1979 ලෝක කුසලාන හා සමගින් ලෝක කුසලාන සඳහා ටෙස්ට්-ක්‍රීඩා-නොකරන කණ්ඩායම් තොරාගැනීම සඳහා ICC කුසලාන තරගයක් හඳුන්වාදෙන ලදුව,[14] ශ්‍රී ලංකාව සහ කැනඩාව සුදුසුකම් ලැබූහ.[15] අවසන් තරගයෙහිදී, සත්කාරක එංගලන්තය ලකුණු 92 කින් පැදවූ බටහිර ඉන්දීය කොදෙව්වන් පිට පිට දෙවන වරටද ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කලහ. ලෝක කුසලානයට අනතුරුව පැවැති රැස්වීමකදී, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එකඟවූයේ තරගාවලිය වසර සතරකට වරක් පැවැත්වෙන ඉසව්වක් බවට පත්කිරීමටය.[15]


[2].[1]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "World Cup Overview". cricketworldcup.com. සම්ප්‍රවේශය 2007-01-29. 
  2. 2.0 2.1 2.2 cbc staff (2007-03-14). "2007 Cricket World Cup". cbc. Archived from the original on March 28, 2007. සම්ප්‍රවේශය 2007-04-04. 
  3. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. "ක්‍රිකට් වර්ල්ඩ් කප් මාර්කටිං ඕවර්විව්". ක්‍රිකට් ලෝක කුසලාන 2007. සම්ප්‍රවේශය 2007-01-30. 
  4. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. "ක්‍රිකය් වර්ල්ඩ් කප් ඕවර්විව්" (PDF). ක්‍රිකට් ලෝක කුසලාන 2007. සම්ප්‍රවේශය 2007-01-30. 
  5. "ෆර්ස්ට් ටෙස්ට් ස්කෝර්බෝඩ්". cricinfo.com. 1877-03-15. සම්ප්‍රවේශය 2007-01-28. 
  6. "ඔලිම්පික් ගේම්ස්, 1900, ෆයිනල්". cricinfo.com. 1900-08-19. සම්ප්‍රවේශය 2006-09-09. 
  7. "දි ඔරිජිනල් ඩෑම්ප් ස්ක්විබ්". cricinfo.com. 2005-04-23. Archived from the original on ඔක්තෝම්බර් 16, 2007. සම්ප්‍රවේශය 2006-08-29. 
  8. "ද බර්ත් ඔෆ් දි වන්-ඩේ ගේම්". cricinfo.com. 2005-04-30. සම්ප්‍රවේශය 2006-09-10. 
  9. "වට් ඊස් වන් -ඩේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට්?". newicc.cricket.org. සම්ප්‍රවේශය 2006-09-10. 
  10. "ද වර්ල්ඩ් කල් - අ බ්‍රීෆ් හිස්ට්‍රි". cricinfo.com. සම්ප්‍රවේශය 2006-12-07. 
  11. "ද හිස්ට්‍රි ඔෆ් වර්ල්ඩ් කප්ස්". cricworld.com. සම්ප්‍රවේශය 2006-09-19. 
  12. Browning (1999), pp. 5–9
  13. 13.0 13.1 බ්‍රවුනින් (1999), පිටු. 26–31
  14. "ICC ට්‍රෝෆි - අ බ්‍රීෆ් හිස්ට්‍රි". cricinfo.com. සම්ප්‍රවේශය 2006-08-29. 
  15. 15.0 15.1 බ්‍රවුනිං (1999), පිටු. 32–35
"http://si.wikipedia.org/w/index.php?title=ක්‍රිකට්_ලෝක_කුසලාන&oldid=250763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි